Carousel

Thursday, June 9, 2016

බොන්න තැඹිලි වතුර දීලා ත්‍රීවිල් එකේ දාගෙන ගිහින් නරුමයින් එක්ක කතක් එකතුව කළ අපරාධයක් දැරියකගේ අනාවරණයෙන් හෙළිවෙයි - 14 Years Old Girl Kidnap Case

‘‘සිහිය ඇවිත් බලනකොට මං කාමරයක,
හොඳ ඇඳුම් අන්දවලා ෆොටෝ ගත්තා, කාටදෝ ඒවා පෙන්නලා මෙයාගේ ගාන කියදත් ඇහුවා‘‘
පුත්තලම, පාලාවි හංදිය ප්‍රදේශයේ පැල්පත් නිවසක පවත්වාගෙන යන බව කියන බාල වයස්‌කාර දැරියන් පැහැරගෙන ගොස්‌ මුදලට අලෙවි කිරීමේ සහ කුඩා දරුවන් මුදලට විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක්‌ සම්බන්ධයෙන් වසය අවුරුදු 14ක දැරියක් විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා.

ඉකුත් මැයි මස 16 මෙම දැරිය පැහැරගෙන ගොස්‌ එම පැල්පතේ රඳවා ගෙන සිටියදී දෙමාපියන් හා පොලිසිය ආධාරයෙන් ඉන් මුදවාගෙන පැමිණි පසු ඇය මේ බව අනාවරණය කර තිබෙනවා.


සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන දාහතර හැවිරිදි (14) ඊ. එන්. තිලකරත්න දියණිය,

මම මැයි 16 වැනිදා උදේ මල් කඩන් එන්න පාර ළඟට ගියා. එවිට මගෙ යාළුවෙක්‌ යාළුවෙලා ඉන්න පිරිමි ළමයෙක්‌ ඇලයාපත්තුව පැත්තෙ ඉඳන් කොළ පාට ත්‍රි රෝද රථයක ඇවිත් මං ළඟ නතර කළා. මං ඒ පිරිමි ළමයා දැකල තිබුණත් කතා කරලා නෑ. ඒ ත්‍රි විල් එකේ හිටියා වයස පනහක (50) පමණ ගෑනු කෙනෙක්‌. එයා මට කීවා දුව අපි ගෙදර ඉඳන් එන්නෙ තැඹිලි වතුර ටිකක්‌ තියනව බොන්න කියා බලෙන්ම දුන්නා. මං උගුරු දෙකක්‌ විතර බොද්දී මට සිහි නැතිවුණා. පසුව සිහිය ඇවිත් බලන විට මං කාමරයක්‌ තුළ හිටියා. අරන් ගිය පිරිමි පුද්ගලයත් එහි හිටියා. ඊට පසුව මං යතුරු පැදියකින් රැගෙන යන බව කීවා මං බෑ කීවාට පසුව මගෙ අත සුරා කරදර කළා. ගියේ නැත්තම් මරනවා කීවා. පස්‌සේ මං යතුරු පැදියේ යද්දී නාම පුවරු දැක්‌කේ අනුරාධපුර පැත්තේ.

යතුරු පැදියෙන් මං ගෙන ගියා පුත්තලම පැත්තෙ නිවසකට. පසුව එතන ඉඳන් ලෑලිවලින් හා පොල්අතු වලින් ආවාරණය කළ පැල්පතක්‌ වැනි නිවසකට ගෙන ගියා.
එහි තවත් ගෑනු ළමයි හය දෙනෙක්‌ (06) පමණ සිටියා. අවුරුදු 14, 15, 16 වැනි වයස්‌ කාණ්‌ඩ වල මෙන්ම වයස 25 විතර ගැහැනු ළමයි තුන් දෙනෙක්‌ ද සිටියා.

තව ඒ අයව රඳවා තබා ගෙන සිටින පැදුරු කාන්ති නැමති වයස පනහක පමණ කාන්තාවක්‌ සිටියා. එයාට සමහර අය කාන්ති අම්මා කියා කියනවත් ඇහුනා. මට හරියට ඉන්න තැනක්‌ නෑ. කන්න දුන්නෙ හවසට විතරයි. ඒත් පාන් කාලක්‌ සීනිත් එක්‌ක. නාන්න නෑ, ඇඳන් හිටියේ මං ඇඳගෙන හිටියෙ ඇඳුමමයි.

එහෙ ඉද්දී මං ගෝල්පේස්‌ එකට එක්‌කම් ගිහින් හොඳ ඇඳුම් අන්දවලා පින්තුර ගත්තා. ආයෙත් හිටපු තැනටම ගෙනාවා. ඒ ෆොටෝ සුද්දකරල මැඩම් කෙනෙකුට පෙන්නුවා. එයා අහනවා මට ඇහුනා කීයක්‌ ඕනෑද කියා. එවිට මං පැහැරගෙන ගිය කෙනා කීවා මෙයා ගෙන් කප්පම් ගන්න තියනවා ඒක දුන්නැත්නම් විකුණන්නම් කියා. මගෙ වෙනම හැඳුනුම් පතක්‌ හදන්නත් ඔවුන් විස්‌තර ගත්තා.

අපේ අම්මලගෙන් දුරකථනයෙන් කතා කරලා ලක්‌ෂ විස්‌සක්‌ (20) ඉල්ලුවා. එහෙට පිරිමි පුද්ගලයින් එනවා. දවසක්‌ එහෙ ඉන්න ගෑනු කෙනා මට ගංජා වගයක්‌ දුන්නා එහෙට ආපු පිරිමි කට්‌ටියකට දෙන්න කියා. මං බෑ කීවා. දවසක්‌ කොල්ලො වගයක්‌ කරදර කරන්න ආවා. මං වැඳල කීවා මට කරදරයක්‌ කරන්න එපා අම්මලා දෙන ලක්‌ෂ විස්‌ස බෙදා ගන්න කියලා.

කුඩා දරුවෙක්‌ බිහිකරපු වයස විසි පහේ විතර ගැහැනු ළමයෙක්‌ හිටියා. එයාට ළඟදි තමා ළමයා හම්බ වෙලා තියෙන්නේ. මෙහෙම හම්බ වන කුඩා දරුවන් මුදලට විකුණනවා. මං දවසක්‌ දැක්‌කා ඒ කුඩා දරුවෙක්‌ මිලදී ගන්න කට්‌ටියක්‌ ආවා. එයාලා ඉතාලියේ ඉන්නවා කියලයි කියනව ඇහුනේ. ඒ කට්‌ටිය ළමයා අරන් යන්න පෙර රුපියල් තිස්‌ හයදහසක්‌ පමණ දිලා ගියා දරුවා අරන් යන්න දින කිහිපයකින් එන්නම් කියා. එහෙ සිටින කාලය තුළ මං ලොකු බියකින් ජීවත්වුවා යෑයි ද සිද්ධිය සම්බන්ධව අනාවරණය කරමින් එම දැරිය වැඩි දුරටත් සදහන් කළාය.

සිද්ධිය සම්බන්ධව අදහස්‌ දක්‌වන එම දැරියගේ මව වන අනුරාධපුර, ඇලයාපත්තුව, 6 කනුව ප්‍රදේශයේ පදිංචි ඒ. මුදිතා ශිරානි (37) නැමති තිදරු මව මෙසේ පැවසුවාය.
බලහත්කාරයෙන් පැහැරගෙන දැරියන් මුදලට අලෙවි කිරීමේ ස්‌ථානයකට ගෙන ගිය මගේ බාල දියණිය දින පහළවකට පමණ පසු සොයා ගැනීමට සිදු වූයේ පොලිස්‌ නිලධාරින්ගේ අකාර්යක්‌ෂම කම නිසායි.

ඉකුත් මැයි මස 16 උදෑසන 6.00 ට පමණ මගේ දාහතර හැවිරිදි (14) ඊ. එන්. තිලකරත්න නැමති බාල දියණිය මල් කඩා ගැනීම සඳහා නිවස ඉදිරිපිට ඇලයාපත්තුව - අනුරාධපුර මාර්ගය අසල මල් ගසක්‌ ළඟට ගියා. එදා තද වැසි දිනයක්‌. අපි දියණිය එනතුරු බලා සිටියත් දියණිය පැමිණියේ නෑ. දැරිය සොයා ගැනීමට නොහැකි වූ නිසා අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කළා. එහෙත් දියණිය ගැන කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට නොහැකි වුවා. පොලිසියෙන් කීවා ළමයා කොල්ලෙක්‌ එක්‌ක යාළු වෙලා පැනලා යන්න ඇති කියලා. ළමයා ගැන හොඳට හොයල බලන්න කීවා. මං කිවා මගෙ ළමයා එහෙම නෑ කියලා.

මෙහෙම දින දෙකක්‌ පමණ ගත වෙද්දි එනම් 18 වැනිදා සවස මගෙ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ආවා. කථා කළේ පිරිමි කෙනෙක්‌. එයා කතා කරලා කීවා දුව අපි ළඟ ඉන්නවා, රුපියල් ලක්‌ෂ විස්‌සක්‌ (20) දුන්නොත් දුව ආයෙ දෙනවා නැත්තම් පොලිසිවලට කීවොත් මරනවා කිවා. පසුව අපිට දැන ගන්න ලැබුණා දරුවා පුත්තලම ප්‍රදේශයේ දැරියන් මුදලට අලෙවි කරන පැල්පත් නිවසක හිර කරන් සිටින බවට, ඊට පසු යළිත් විසි දෙවනදා අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගිහින් මේ බව කිවා. එහෙත් නිලධාරීන් මට දරුවා පරිස්‌සම් කරන්නෑ කියා දොස්‌ කීවා. එහෙත් නිසි කටයුත්තක්‌ සිදු වූයේ නෑ. පසුව පුත්තලම පොලිසියටත් පැමිණිලි කළා. එහෙත් දිනෙන් දින ගත වූවා හැර දැරිය සොයා ගැනීමට බැරිවුණා.

මගෙ සැමියා සිදු කරන ව්‍යාපාර කටයුතුවලින් තමා අපි ජීවත් වෙන්නේ. අපි විශාල මුදලක්‌ වැය කළා දරුවා සොයා ගන්න. දේවාලවලට ගිහින් දරුවා පිළිබදව සොයා බැලුවා. මං නොවිඳපු දුකක්‌ නෑ.

විටින් විට දුරකථන ඇමතුම් අරන් පුද්ගලයෙක්‌ කීවා තිස්‌ එක්‌වැනිදා (31) රෑ වෙද්දී මුදල් දුන්නැත්නම් දරුවා මරනවා නැත්තම් විකුණනවා කියා. දුවට කථා කරන්න ඉල්ලුවත් දුන්නේ නෑ. අපි යළිත් 31 වැනිදා පොලිසියට ගිහින් කීවා ඊට පසුව අනුරාධපුර පොලිසියෙන් පුත්තලම පොලිසියට දැනුම් දුන්නා. පසුව පුත්තලම පොලිසියේ නිලධාරීන් හත් අට දෙනෙක්‌ එක්‌ක අපේ ඥාතීන් ගිහින් 31 වැනිදා රෑ පුත්තලම ප්‍රදේශයේ දැරියන් මුදලට අලෙවි කරනව කියූ ස්‌ථානය වැටලුවා. එහිදී එහි සිටි දැරිය අපට සොයා ගැනීමට හැකිවුණා.
දුව පැහැර ගොස්‌ ඇති අනුරාධපුර මහමාන්කඩවල ප්‍රදේශයේ පදිංචි තිස්‌ හැවිරිදි විවාහක පුද්ගලයෙකු හා දැරියන් මුදලට අලෙවි කරන ස්‌ථානයේ සිටි පැදුරු කාන්ති නැමති පනස්‌ හැවිරිදි පමණ කාන්තාවක්‌ද එහි සිටියා. තවත් දරුවන් එහෙ ඉන්නවා. ඒ අය බේරා ගන්න.

පොලිසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. ඔහු අපරාධ රැසකට සම්බන්ධ අයෙක්‌. මොහු මගේ දුව පළමුව රැගෙන ගොස්‌ ඇත්තේ අනුරාධපුර ප්‍රසිද්ධ පාසලක අසල තියෙන නවාතැන් පළකට.

මගේ දුවට පැහැරගෙන ගියපු කෙනාගෙන් අතවරයක්‌ සිදුවූ බව දුව කියනවා. එහෙත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එහෙම කිසිදු දෙයක්‌ වී නැතැයි නිගමනය කරනවා. එසේම දුවට වෙනත් සමාජ රෝග වැළඳී තිබෙනවාද යන්න පිළිබඳව රෝහලට ඇතුළත් කර සොයා බැලීමට පොලිසිය කටයුතු කර නෑ.

පොලිසිය මේ ජාවාරම් කරුවන් සමඟ යම්කිසි සම්බන්ධයක්‌ තියනවාද කියා අපට සැකයි. මගේ සැමියත් පොලිසියේ හිටිය කෙනෙක්‌. අපට සිදුවු අසාධාරණයට සාධාරණයක්‌ කරන්න.

ආයෙත් සමාජයේ මෙවැනි ක්‍රියාවන් සිදුවන්නට ඉඩ ලබා නොදෙන්නයි කියා ඉල්ලා සිටිනවා බවද ඒ. මුදිතා ශිරානි මහත්මිය සිද්ධිය සම්බන්ධ වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් පැවසුවාය.

නාච්චාදුව ප්‍රභාත් වනසිංහ

Thursday, January 7, 2016

පිරිමින්ට හරියට සෙක්ස් කරන්න බැරි හේතු මෙන්න..


බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්‍යනයකට අනුව එරට වෙසෙන වයස 60ට අඩු මිනිසුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලිංගික ගැටළු තිබේ.මේවා හෙළිනොවිමට බොහෝවිට බලපාන්නේපිරිමින් තමන් ලිංගික වශයෙන් ඛෙලහීනතාවයකින් පෙළෙන බවට පිළිගැනීමට මැලිකමක් දැක්වීමයි. මෙවැනි ගැටළු නිසිපරිදි හඳුනා නොගැනීම හා ප්‍රතිකාර නොගැනීම නිසා පවුල් ජීවිත පවා අවුල් වන අවස්ථා දැකගත හැකිය. 

වැදගත්ම කරුණ වන්නේ මෙවැනි ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර පැවතීමයි. මේ හේතු නිසාම පිරිමි පාර්ශවයට මතුවන ලිංගික ගැටළු හා ඒවා ඇතිවීමට බලපාන හේතු කීපයක් ඉදිරිපත් කරන්න අපි හිතුව.

පුරුෂ ලිංගය සෘජු නොවීම -
මෙම තත්ත්වයේදී දක්නට ලැඛෙන ලක්ෂණය වන්නේ ලිංගික කටයුතු සඳහා පුරුෂ ලිංගය සෘජු නොවීමයි. මේ තත්ත්වය බොහෝ විට වයස්ගත වීමත් සමග ඇතිවන ගැටළුවක්. වාර්තාවන්ට අනුව 50-59 ත් අතර පිරිමින්ට 18-29 වයසේ පසුවන පිරිමින්ට වඩා මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ තුන් ගුණයක සම්බවිතාවක් පවතියි.

මේ සඳහා විවිධ වර්ගයේ පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පැවතුනත් ප්‍රතිකාර සඳහා යොමුවන ප්‍රතිශතය ඉතා අඩු අගයක පවතියි.
මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවීම සඳහා බලපෑම් කළහැකි රෝගී තත්ත්වයන් තිබේ. උදාහරණයක් ලෙස ඔබ දියවැඩියාව, ආතතිය, කොලේස්ට්‍රෝල්, තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි.

ඒ වගේම අධික දුම් පානය, ව්‍යායාම අඩුකම හා විශේෂ ඛෙහෙත් වර්ග පාවිච්චියේදී ද මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බව පැවසේ.

ඔබේ සහකරුවන් හෝ ඔබ මෙවැනි තත්ත්වයකින් පීඩා විඳිනම් කළහැකි හොඳම දෙය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි. බොහෝවිට ඉහත සඳහන් කළ හේතු වලින් බැහැරවද මෙම තත්වය ඇතිවිය හැක.
මේසඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම තිබේ. ටෙස්ටොස්ටරෝන් හෝමෝනය පිටතින් සැපයීම, එන්නත්, හෞතික චිකිත්සක ප්‍රතිකාර ඒ අතර වේ.

ක්ෂණික මෝචනය-
ක්ෂණික මෝචනය වයස් බේදයකින් තොරව සිදුවන රෝගී තත්ත්වයකි. මේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුව තවමත් හඳුනාගෙන නැතත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබේ. මේ නිසාම හොඳ විසඳුම වන්නේ ඔබ එවැනි ආකාරයේ රෝගී තත්ත්වකින් පෙළෙන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි.

ලිංගික කටයුතු සඳහා ආශාව අඩු වීම

සමාජයේ පවතින මතය වන්නේ පිරිමින් වයසට යාමත් සමග ලිංගික ආශාව ක්‍රමයෙන් අඩුවීමේ තත්ත්වයක් පෙන්වන බවයි. නමුත් ලෝකයේ විවිධ තැන්වල සිදු කල අධ්‍යනයන්ට අනුව වයස කෙසේ වෙතත් සෑම පිරිමියෙකුගේම ජීවිතයේ වැදගත්ම කොටසක් ලෙස ලිංගික කටයුතු හැඳින් වේ.

ටෙස්ටොස්ටරෝන් හෝමෝනයේ අඩුබව පිරිමියෙකුගේ ලිංගික ආශාව කෙරෙහි බලපෑම් කරයි. එසේම දියවැඩියාව, වකුගඩු රෝග, විශාදය, පාකින්සන් වැනි රෝග තත්ත්වයන් නිසාද පිරිමින්ගේ ලිංගික ආශාව අඩු විය හැක. මේනිසා හොඳම දෙය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි.

එසේම මේ සියලු ලිංගික ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව උපදේශන සේවා සඳහා යොමු වීමද වැදගත්ය. සාමාන්‍යයෙන් ගැහැනියකට වඩා පිරිමියෙකුට ලිංගික කටයුතු තම ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි.

මේ ආකාරයේ ලිංගික ගැටළු නිසාම පිරිමින් අවදානම් විසඳුම් සඳහා යොමු වීමේ ඉඩ කඩක් පවතියි. මේ නිසා ඉතා ඉක්මනින් පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේ

Saturday, December 12, 2015

adfly sinhala

    
Adf.ly ගැන ගොඩක් අය අහල තිබුනට ඒක පාවිච්චි කරලා පොඩි මුදලක් හොයා ගන්න විධිය දන්නේ නැ.adf.ly කියන්නේ මොකක්ද කියල මුලින් මම කියල දෙන්නම්.ලෝකයේ දැන් ගොඩක් වෙළද දැන්වීම් වලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා.එක ක්‍රමයක් තමයි අපිට වැදගත් වන වෙබ් අඩවි වලට එයාලගේ වෙළද දැන්වීම් එකතු කරන එක.මේක කරන්නේ මෙහෙමයි.ලෝකයේ තියෙන හැම වෙබ් අඩවියකටම ලිපිනයක් තියෙනවා කියල ඔයාල දන්නවා ඇතිනේ, අන්න ඒ ලිපිනයට තමයි මෙයාලගේ වෙළද දැන්වීම එකතු කරන්නේ .එතකොට අපි ඒ වෙබ් අඩවියට යන්නේ මෙයාල දෙන linkඑකක් හරහා එතින් එතකොට අපේ වැඩෙත් කෙරෙනවා මෙයාලගේ වෙළද දැන්වීමත් අපිට බලෙන් හරි පෙන්නනවා .හැබැයි මෙයාල ඒකට අපිට පොඩි ගානක් ගෙවනවා.ඉතින් අපිට මේ වගේ වෙබ් අඩවි දැන් ගොඩක් අහන්න දකින්න ලැබෙනවා.  නීත්‍යානුකූලවවංචාවලට අහුවෙන්නෙ නැතුව විශ්වාසදායක ක්‍රමයකට මුදල් උපයන්න පුළුවන් තවත්  ක්‍රමයක් තමයි මේ අද මම අරගෙන ආවෙ. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගේ ලින්ක්ස් අනික් කට්ටියට දෙනකොට මේ සයිට් එක හරහා යවන එක විතරයි. එතකොට ඒ කෙනාට ඒ සයිට් එකෙන් තත්පර 5ක Advertisement එකක් පෙන්නනවා. ඊට පස්සෙ අදාළ මුදල් අපේ ගිණුමට බැරකරනවා. මේක කරන්න වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ...

හරි එහෙනම් අපි මුළ සිට බලමු කොහොමද කරන්නෙ කියලා.

1. 
ඔයා මේ සයිට් එකේ Register වෙලා නැත්නම් ඉදිරියෙන් තියෙන ලින්ක් එක ක්ලික් කරලා අඩවියට යන්න.  
                                   
දැන් මෙහෙම එකක් ඒවි. ඒකෙන් රතු කොටුවෙන් පෙන්නලා තියෙන එක ක්ලික් කරන්න.

දැන් මෙහෙම එකක් ඒවි. ඒකෙ හිස්තැන් ඔක්කොම පුරවලා මුළින් තියෙන තැන හරි ලකුණ දාලා ක්ලික් කරන්න. (ඇත්ත විස්තරම පුරවන්න නැත්නම් මුදල් ගන්න කරදරයි)



දැන් ඔයා දුන්නු Email එකට ගිහින් Adf.ly එකෙන් ආපු Email එක Confirm කරන්න. මේක Inbox එකේනැත්නම් Spamවල බලන්න.......

හරි දැන් ඔයා Register වෙලා ඉවරයි...... 

2. දැන් අපි බලමු ලින්ක් එකක් කොහොමද මේ සයිට් එක හරහා යවන්නෙ කියලා. 
උදාහරණයක් විදිහට මම මගේ  Download Zone සයිට් එකට ගියා කියන්නකො. මම බලනවා මගේ Browser එකේAddress Bar එකේ තියෙන URl එක මොකක්ද කියලා. මගේ එක තමයි  'http://www.infoworldsl.com /මේක  
www.infoworldsl.com කියලා ලිව්වත් කිසි ගැටලුවක් නෑ. මම දැන් ඒක කොපි කරගෙන යනවාAdf.ly එකට.

දැන් උඩින්ම තියෙන කොටුවේ (අංක 1) අර ලින්ක් ඒක පේස්ට් කරලා අංක 2න් පෙන්වන 'Shrink' ක්ලික් කරන්න.



හරි දැන් ඔයාලට රතු කොටුවෙන් පෙන්වනවා වගේ ලින්ක් එකක් ලබාදේවි.අන්න ඒක තමයි ඔයාල Short කරපු ලින්ක් එක. ඔන්න ඔය ලින්ක් එක තමයි ඔයාලා කට්ටියට දෙන්න ඕනෙ.



***මේ ලින්ක් එක දෙනකොට මෙන්න මේ දේ කරන්න සැළකිළිමත් වෙන්න. ඔයාලට පේනවනෙ http://adf.ly/rXRBZ කියලා ලින්ක් එක ඇවිත් තියෙනවා. ඔය ලින්ක් එකේ http කියන කොටස https කරලා දෙන්න කාටහරි දෙනකොට. කරන්න තියෙන්නෙ අකුරක් එකතු කරන එක විතරයි නෙ. එතකොට මේ ලින්ක්ස් බ්ලොක් වෙන එක අවම වෙනවා.

3. දැන් ඔයාලා බලනවා ඇති මේවගෙන් මුදල් ලැබෙන්නෙ කොහොමද කියලා. 
කළින් කිව්වා වගේම මේ දැන් ඔයා හදපු ලින්ක් එකකට කවුරුහරි ආවම මුළින්ම එයාට තත්පර 5ක ඇඩ් එකක් පෙන්වනවා. ඊට පස්සෙ Skip Ad කියන බට්න් එක ආවම ඒක ක්ලික් කරාම ඔයා කෙටි කරපු මුල් ලින්ක් එකට යනවා. ඒවුණාට මේවගෙන් ලැබෙන මුදල් ප්‍රමාණයන් වෙනස්. අපි බලමු කොහොමද කියලා මේවා.

මේ හැම එකකම මුදල් ප්‍රමාණයන් සටහන් කරන්නෙ ක්ලික්ස් 1000කට.

Sri Lanka                      0.50 $
USA                             4.00 $
Canada                         2.50 $
UK                               2.70 $
Australia                       1.80 $

තවත් බලාගන්න ඕනෙ නම් මෙන්න.  
   
      ( ඒවගේම මේ අගයන් ඉහළ පහළ යන බව මතක තියාගන්න )


දැක්කගමන් පේනවනෙ සුද්ද සලකන්නෙ සුද්දට බව. ඒ නිසා සුද්දන්ට ලින්ක්ස් දෙන්න පුළුවන් නම් නියමයි. අපි ඉස්සරහට කතාකරනවා ඒ ගැනත්. මේක අමාරුයි කියලා අතාරින්නෙපා. ඔයා නිදාගෙන හිටියත් සල්ලි එන ක්‍රමයක් තමයි මේ. ආරම්භයේදී දුෂ්කර වුණත් පහුවෙනකොට හරිම ලේසියි.

4. ලින්ක් Share කරන්නෙ කොහොමද?

ඇයි දෙවියනේ ඔය තියෙන්නෙ Facebook, Twitter, Blogger, Google Plus, You tube වගේ දේවල් ඇති වෙනකල්. ඒ වට පොස්ට් එකක් හරි මොකක් හරි එකක් හදලා දාන්න.  ඒවගේම ඔයාට Forums පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නම් නියමෙට ට්‍රැෆීක් අල්ලන ක්‍රමයක් තමයි. Forums ගැන පොඩ්ඩක් හොයලා බලන්නකො.

තවත් ක්‍රම කිහිපයක් මම දාන්නම්..

අ) අනික් බ්ලොග්ස්/සයිට්ස් වල කමෙන්ට්ස් දාන එක
ආ) Forums වල ගැටලුවලට පිළිතුරු සැපයීමෙන්
ඇ) ඔබගේ වෙබ් අඩවියට/බ්ලොග් එකට Adf.ly Entry Script එක යෙදීමෙන්

මේ Entry Script එක ගැන විතරක් කතාකරමු. මෙතැනදි වෙන්නෙ ඔබේ සයිට් එකට හරි බ්ලොග් එකට හරි කෙනෙක් ඇවිත් යම් කාලයක් යනකොට (අපිට මේ කාලය සකස්කරන්න පුළුවන්) එයාට ඇඩ් එකක් පෙන්නලා මුදල් අයකරන එක. 

ඒකට මුළින් Adf.ly එකට ලොග් වෙලා මුළින් අංක 1(රතු කොටුව) ද ඊළගට අංක 2(රතු කොටුව) ද ක්ලික් කරලා මේPage එකට එන්න. දැන් අංක 3න් පෙන්වන කෝඩ් එක ඔයාගෙ සයිට් එකට ඇතුල් කරගන්න තමයි තියෙන්නෙ.සයිට්  එකට ඇතුලත් කරන්න දන්නවනේ?




5. දැන් ඉතින් හැමෝම බලාගෙන ඉන්න කොටස හෙවත් මුදල් ලබාගැනීම.

            

Adf.ly එකෙන් මුදල් ලබාදෙන්නෙ 5$ සම්පූර්ණ වුණාම. ඒවගේම මාස්පතා තමයි ගෙවන්නෙ. මාසෙ අන්තිම වෙනකොට ඔයාගෙ 5$ හෝ ඊට වැඩියෙන් පිරිලා නම් කෙළින්ම ඔයාගෙ Paypal හරි Payoneer Account එකට ඉබේම එකතු වෙනවා. මේකට ඔයා ඔයාගෙ Setting වලින් මේ එකවුන්ට් එකක් ඇඩ් කරලා තියෙන්න ඕනෙ. 


ඔයාලට කුමක් හෝ ගැටළුවක් අති උවහොත් මට කියන්න,,,,,,

Ads Inside Post

Post Labels

Disqus Shortname

Flickr User ID

Flickr User ID

Ads Inside Post

Comments system

Browse Using The Menu

Comments system